The Statement of Principal Thero
ප්‍රධානාචාර්ය ස්වාමීද්‍රයන් වහන්සේගේ ප්රකාශනය
අපගේ ආචාර්යෝත්තම විද්‍යා විශාරද, රාජකීය පණ්ඩිත අතිගරු සාලියාලේ ශ්‍රී සුමනතිස්සාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී නාමය අනුස්මරණය කරනු පිණිස සිසුන් දෙදෙනෙකුගෙන් ආරම්භ කළ අස්ගිරි මහාවිහාර පරිවේණස්ථ ශ්‍රී සුමනතිස්ස දහම් පාසල වර්තමානය වන විට වසරින් වසර දියුණු වෙමින් පැවතීම සතුටුදායකය. ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්,ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලු දෙනාගේ කැපවීමෙන් ගත වු වසර කිහිපය තුළ ලබා ඇති ප්‍රගතිය සහ ජයග්රහනයන් අපගේ මූලික අරමුණ වන යහපත් පුරවැසියන් පිරිසක් රටට දායාද කිරීමේ ප්රයත්නය වඩාත් සාර්ථක ව මල්ඵල ගැන්වීමට සමත් වී ඇත
දහම් පාසල් දරුවා යනු රටක සදාචාරත්මක අංශයේ ප්‍රවර්ධනය සහ රක්ෂණය උදෙසා ස්වේච්ඡාවෙන් සේවයේ නියුතු පිරිසකගේ ඉමහත් කැපවීමකින් නිර්මාණය කරනු ලබන්නෙකි දෛනික පාසල්වලින් ළමා පරපුරට අවශ්‍ය විශ්ව දැනුඅම ලබා දුන්නද දරුවාගේ ආචාරාත්මක හා ආධ්‍යාත්මික අංශයන් පෝෂණය වන්නේ දහම් පාසල තුළිනි. එහෙයින් දහම් අධ්‍යාපනය යනු භෞතික වශයෙන් දියුණුව කරා පියනගන අප මව්බ්මේ සදාචාරාත්මක සලකුණයි ශ්‍රී ලාංකීය දහම් අධ්‍යාපනය සාම්ප්‍රදායිකත්වය රැක ගනිමින් නවලොව අවශ්‍යතා හදුනාගෙන කටයුතු කරනු දැකීම අපගේ අපේක්ෂාවයි
අනගාරික ධර්මපාලතුමන්, ජි. ජි මලසේකර ශ්‍රීමතාණන් වැනි යුග පුරුෂයන්ගේ අවශ්‍යතාව ලාංකීය සම්මජයට මෙන් ම නූතන ලෝකයට ද බෙහෙවින් ඇවැසි යුගයක අප ශ්‍රී සුමනතිස්ස දහම් පාසලේ දූ දරුවන් එම අවශ්‍යතාව තරමක් දුරට හෝ ඉටුකරනු ඇතැයි අප විශ්වාස කරමු ඒ සදහා සියලි දෙනාට ත්‍රිවිධ රත්නයේත්, ශ්‍රීමත් දළදා වහන්සේගේත් ආශිර්වාදය ලැබේවායි ආශිංසනය කරමි
ශාස්ත්‍රපති නාරන්පනාවේ ආනන්ද ස්ථවිර,
ප්‍රධානාචාර්ය
ශ්‍රී සුමනතිස්ස දහම් පාසල
පරිවේණාදිපති මහ/ මහාවිහාර මහ පිරිවෙණ
It is a great deal of pleasure to witness the year by year steady progress in Sri Sumanatissa Dhamma School being conducted at Asgiri Maha Vihara Maha Pirivena premises at present, which was started in memory of the great name of our late teacher, most venerable Vidya Visharada, Royal Pandit Saliyale Sri Sumanatissabhidhana Anunayaka Maha thero of Asgiriya chapter.
By dint of commitment of our ardent staff members, ambitious parents and all studious students, acquired achievements and progress during the past eight years, have given the driving force to the prime aim of making an endeavor to bestow good, courteous citizens to the country.
A Dhamma School student is meant to be a creation with utmost commitment of a particular volunteer group for the betterment, progress, promotion and preservation of morality of a country. Although school is meant to impart a wealth of universal knowledge to a students to broaden the horizons , Dhamma school is predominantly committed to enrich his or her spiritual and ethical departments.
Accordingly, Dhamma education is the moral emblem of the motherland which is poised to take material success. Our sole intention is to see the proceedings to be innovative to cater to the requirements of the modern world preserving traditional values of Dhamma education. We are looking forward that the impressive role played by patriots like Hon. Anagarika Dharmapala, G. P. Malalasekara will be playing to some extent by our Sri Sumanatissa Dhamma School students.
May The Triple Gem and Sacred Tooth Relic Bless You