රාජධානි අනුක‍්‍රමයෙන් වෙනස් වීමත් සම`ග මහාවිහාරීය මධ්‍යස්ථාන ද ඒ ඒ අයුරින් වෙනස් විය. මහනුවර
රාජධානිය වන විට එය උභය පාර්ශ්වයක් බවට පත් විය. එකී මහාවිහාරීය අධ්‍යාපන සම්ප‍්‍රදාය මෙම
මූලස්ථාන දක්වා ද පැවත ආ අතර, වැලිවිට අසරණ සරණ සංඝරාජ මාහිමිපාණන් වහන්සේ විසින් කීර්ති
ශ‍්‍රී රාජසිංහ රජු සමයේ පිරිහී තිබූ ශාසනය පමණක් නොව පිරිවෙන් අධ්‍යාපන සම්ප‍්‍රදාය ද පුනර්ජීවනය
කරනලදී. ඒ අනුව අස්ගිරි මහාවිහාරීය මූලස්ථානයට අනුගත අධ්‍යාපන සම්ප‍්‍රදායක් පවත්වාගෙන ආ
අතර, කල්යෑමේ දී නූතන පිරිවෙන් අධ්‍යාපන සම්ප‍්‍රදාය අනුව විද්‍යාවිශාරද රාජකීය පණ්ඩිත ශාමෝපාලි
මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය හාල්යාලේ සුමනතිස්සාභිධාන නායක
මාහිමිපාණන් වහන්සේ මහාවිහාර මහ පිරිවෙණ නමින් වර්ෂ 1958 දී අස්ගිරි මහවිහාර මහ පිරිවෙණ
ආරම්භ කළහ. උන්වහන්සේ විසින් කෙටි කලක් තුළ මෙම පිරිවෙණ විශ්වවිද්‍යාල අනුබද්ධ පිරිවෙණක්
බවට උසස් කරමින් විශාල සිසු පිරිසකට පාරිවේණික අධ්‍යාපනය ලබා දෙන තෝතැන්නක් බවට පත්
කරන කලහ. උන්වහන්සේ වර්ෂ 1988 අපවත්වීමෙන් අනතුරුව කලක් නාමමාත‍්‍රික පිරිවෙණක් සේ පැවති
මෙම ආයතනය උන්වහන්සේගේ ශිෂ්‍ය වත්මන් පරිවේණාධිපති ශාමෝපාලි මහානිකායේ අස්ගිරි
මහාවිහාර පාර්ශවයේ නියොජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත‍්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන්ද්‍රයන්
වහන්සේගේ මූලිකත්වයෙන් 1991 වර්ෂයේ රජයේ අනුමත මූලික පිරිවෙණක් බවට පත් කල මෙම
ආයතනය ඉතා කෙටි කලක් තුල ශීඝ‍්‍ර ප‍්‍රගතියක් ලබමින් වර්ෂ 1998 අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන්
අංශය ම`ගින් මහ පිරිවෙණක් තත්වයට උසස් කරන ලදි. ඒ අනුව මූලික පිරිවෙන් පළමු වසරේ සිට ප‍්‍රාචීන
අවසාන පණ්ඩිත උපාධිය දක්වා පන්ති පවත්වමින් පැවදි සිසුන් හාරසීයකට (400* ආසන්න ප‍්‍රමාණයක්
අධ්‍යාපනය ලබන මෙරට කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් බවට මෙම පිරිවෙණ පත් කරන ලදි.
දෙස් විදෙස් පැවදි සිසුන් අධ්‍යාපනය ලබන මෙම ආයතනය තුල විදේශ ධර්ම ¥ත සේවාව උදෙසා
ලංකාවේ ප‍්‍රථම වරට ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් පිරිවෙන් අධ්‍යාපනය ලබාදෙන ආයතනයක් ලෙස 2006 වර්ෂයේ
සිට ලක්දිව ප‍්‍රථම වතාවට ඉංග‍්‍රීසි මාධ්‍යයක් ආරම්භ කරන ලදි. අද වන විට මූලික පිරිවෙන් පළමු වසරේ
සිට ප‍්‍රාචීන අවසාන හා අ.පො.ස. උසස් පෙළ දක්වා සිංහල හා ඉංග‍්‍රීසි මාධ්‍යය දෙකින් අධ්‍යාපනය ලැබීමට
ලක්දිව ඇති එකම භික්‍ෂු අධ්‍යාපන ආයතනය මෙයයි.
සෑම වර්ෂයකම මූලික පිරිවෙන් අවසාන, ප‍්‍රචීන ප‍්‍රාරම්භ , ප‍්‍රචීන මධ්‍යම , ප‍්‍රචීන අවසාන, අ.පො.ස. උසස්
පෙළ ආදී විභාග වලින් විශිෂ්ට ප‍්‍රතිඵල ලබා ගැනීමත් ඒ අතරින් එකී විභාගයන්හි අවස්ථා ගණනාවකම
ලක්දිව ප‍්‍රථමයා දෙවනියා මෙන්ම පළමු දහදෙනා අතර සිසුන් කිහිප දෙනෙක් ම ර`දවා තබා ගැනීමට
මෙම ආයතනය සමත්වීම අධ්‍යාපන ප‍්‍රගතියේ සුවිශේෂී බව පෙන්නුම් කරන හොදම සාධකය යි.තවද පාරිවෙණික භාෂා හා සාහිත්‍යය තර`ග වලින් වැඩිම ජයග‍්‍රහණ ලබමින් වර්ෂ ගණනාවක්ම අඛණ්ඩවම
ලක්දිව ප‍්‍රථමස්ථානයට පත් වූ පිරිවෙණක් සේ වාර්ථාගත තත්වයට මෙම ආයතනය පත්ව ඇති බව ඉතා
සතුටින් සිහිපත් කල හැකිය.
අද වන විට සිසුන් හාරසීයකට (400* අධික ප‍්‍රමාණයක් අධ්‍යාපනය ලබන මෙහි ඉන් එකසිය අසූ (180*නමක්
පමණ නේවාසිකව වැඩ සිටීමද ඉතා සුවිශේෂී කාරණයකි. ශාසනික සම්ප‍්‍රදායන්ට අනුගතව ඉතා ක‍්‍රමවත්
ලෙස භික්‍ෂු නේවාසිකාගාරය තුළ දෛනික වනපොත් ගැනීම් ධර්ම දෙශනා පිරිත් බෝධි පූජා පුහුණු කිරීම්
ආදී ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා සකස් කිරීමෙහිලා අවශ්‍ය සෑම වැඩසටහනක්ම ක‍්‍රමවත්ව පවත්වාගෙන
යනු ලැබේ.
සතියේ දිනයන්හි පස්වරු 12 සිට 5. 30 දක්වා පාරිවේණික අධ්‍යාපන කටයුතු පැවැත්වෙන මෙම
ආයතනයේ භෞතික සම්පත් අතින් පිරිවෙණට අවශ්‍ය සෑම අංගයක්ම සම්පූර්ණව පැවතීම සැළකිය යුතු
කරුණකි. ශ‍්‍රී සුමනතිස්ස ඉගැනුම් මධ්‍යස්ථානයෙහි ( පුස්තකාලය* පොත් 15000 කට වඩා තිබේ. භික්‍ෂු
අධ්‍යාපනය සාම්ප‍්‍රදායික ලෙස පමණක් නොව නූතන තාක්‍ෂණයට ගැළපෙන අයුරින් පරිගණක ඒකකයක්
හා භාෂාගාරයක් මෙහි ක‍්‍රීයාත්මකව පවතී. සාම්ප‍්‍රදායික පාරිවේණික අධ්‍යාපනය මෙන්ම නුතන අධ්‍යාපනය
සමග මුසුවෙමින් වර්තමාන ලෝකයට ගැලපෙන යතිපරපුරක් නිර්මාණය කිරීම මෙම ආයතනයේ එකම
අභිප‍්‍රාය වී ඇත.