තෙල්දෙණිය රෝහලට උපකරණ තොගයක් පරිත්‍යාගය

මහනුවර අස්ගිරි මහා විහාර පිරිවෙන අරුප්පොල කල්‍යාණි බෞද්ධ මධ්‍යස්ථානය සහ කරල්ලියද්ද උපෝසථාරාම විහාරස්ථාන මුල් වී ප්‍රදේශවාසීන්ගෙන් ලද අනුග්‍රහය තුළින් තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් ගේ ප්‍රයෝජනය සඳහා විශාල උපකරණ තොගයක් පසුගිය මැයි මස 29 වන දින පරිත්‍යාග කරන ලදී මෙම අවස්ථාවට අස්ගිරි මහ විහාර පරිවේණාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් සහ පල්ලේකැලේ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ විද්‍යාලයාධිපති පූජ්‍ය කැටකුඹුරේ ධම්මාරාම හිමියන් තෙල්දෙණිය දිසා භාර පොලිස් අධිකාරි තුමා මූලස්ථාන පොලිස් පරීක්ෂක තුමන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Like this article?

Share on Facebook
Share on Twitter
Share on Linkdin
Share on Pinterest