ජනතාවට ආශිර්වාද කිරීම අරමුණු කරගනිමින් රතන සූත්‍රය සජ්ඣායනය

ලොව වෙලාගත් මේ දුෂ්කර සමයෙහි පීඩාවට පත් ජනතාවට ආශිර්වාද කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී දළදා මාලිගාවේ සිට මහනුවර නගරයේ හිස් වූ වීදිවල මෙන්ම, නගර සීමාව අවට ප්‍රදේශ කිහිපයකත් අද(27) පස්වරුවේ රතන සූත්‍රය සජ්ඣායනය කරමින් විශේෂ ජංගම පිරිත් රථයක් ගමන් කරනු ලැබුවා.මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය ගරුතර මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් මහා සංඝරත්නයේ ගෞරවනීය වැඩමවීමෙන්, අස්ගිරි මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික, නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි, ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමාගේ, මහනුවර ජේෂ්ඨ නියොජ්ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මැතිතුමාගේ අදහසකට අනුව මේ මාහැඟි කටයුත්ත සිදු විය.

Like this article?

Share on Facebook
Share on Twitter
Share on Linkdin
Share on Pinterest